Peessa Waterfall | Unseen Madulsima | පීස්ස ඇල්ල පිටුපස සැගවුණු රාජධානිය සොයා. මඩොල්සිම කදවුරු රැයක්

Dinesh A Pathum

129,000 Subscribers

71,115 views since Jun 15, 2023

මඩොල්සිමෙන් එහා

මඩොල්සිම එක් අන්තයකට වන්නට පිහිටා ඇති සොදුරු කදවුරු බිමට උදෑසන හිරු පායා ආවේ අහස් ඉම රන්පැහැ ගන්වමිනි. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති සොදුරුතම ඉසව්වක් වන මඩොල්සිම සිට පීස්ස ඇල්ල දක්වා ඇත්තේ මද දුරකි. බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කයන් දෙක අතරින් කඩා හැලෙන "පීස්සගම ඇල්ල" නැතහොත් "පීස්ස ඇල්ල" දක්වා ගමන් කල අප පීස්ස ඇල්ලට පසුපසින් ඇති ගල් ලෙන් සංකීර්ණය සොයා ගමන් ඇරඹුවේ සැබැවින්ම අති දුශ්කර සහ පටු වනගත මාර්ගයක් භාවිතා කරමිනි. කිසිවෙකුත් නොසිතන සහ ගිය ඕනෑම කෙනෙකු පුදුමයට පත් වන තරමේ ඉඩකින් සමන්විත පීස්ස ඇල්ල පසුපසින් ඇති ගල්ගුහා සංකීර්ණය වැසී ඇත්තේ පීස්ස ඇල්ලෙන් පහලට රූරා හැලෙන විශාල ජල කද නිසාවෙනි. කෙසේ වෙතත් ඇල්ල පසුපසින් දිය ඇල්ලේ අනෙක් පසට ගමන් කරණ අයෙකුට මුන ගැසෙන්නේ ඉපැරණි රාජධානියක හෝ විහාර සංකීර්ණයකට අයත් වී තිබෙන්නට ඇතැයි හැගවෙන පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඉදිකිරීම් සමූහයකි. ඒ ඔස්සේ ඉහලට ගමන් කොට දිය ඇල්ල මුදුනේ ආසන්නයට ලගා වීමට අපට හැකි විය. කෙසේ වෙතත් කල් වේලා ඇතිව නැවතත් පහලට බැස ගත්තේ යම් හෙයකින් දිය ඇල්ලේ වතුර මට්ටම ඉහල ගියහොත් නැවත පැමිනීමට නම් වතුර මට්ටම නැවත පහල යන තුරුම රැදී සිටිය යුතු නිසාවෙනි.

තවත් සොදුරු සංචාරයකින් මුනගැසෙමු.!
ආයුබෝවන් මම දිනේෂ්.

Peessa Waterfall | Unseen Madulsima

Greetings
I am Dinesh

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram -   / dinesh_a_pathum  
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

#පීස්සඇල්ල #peasaella #madolcima #hidden #beautiful #campingintheforest #sunrise #waterfall #hiddenwaterfalls #nature #nature #dineshapathum #dap #srilanka #beautifulwaterfallinsrilanka

© Furr.pk

TermsPrivacy

[email protected]